Tuesday, June 12, 2012
මොකක්ද ගොඩක්ම හොද torrent ද streaming ද ????
මුලින්ම කියන්න ඕනේ මේ දෙකම යොදා ගන්නේ දත්ත හුවමාරු කර ගැනීමටයි.මුලින්ම මේ torrent හදුන්වලා දුන්නේ 2003 දීයි. torrent වලට පදනම වෙලා තියෙන්නේ P2P architecture එක වගේම streaming වල පදනම cloud computing තමයි.උදාහරණයක් විදිහට u tube කියන්නේ streaming වලට හොද උදාහරණයක්.ඒවගේම තමයි ඔයාල torrent file එකක් download කරගත්තහම ඔයාලට ඒක run කරන්නනම් තවත් මෘදුකාංගයක උදව් අවශ්‍ය වෙනවා. හිතන්න බලන්න ඔයාල සින්දුවක් බාගත කරා කියල ඔයාලට ඒක run කරන්න VLC,Media Player වගේ මෘදුකාංග ඕනේ වෙනවා නමුත් ඔයාල u tube ඒකෙන් එ සින්දුවම play කරන්න ඔයාට අවශ්‍ය වෙන්නේ flash player ඒක විතරයි. එකියන්නේ ඔයාලගේ හාර්ඩ් එකේ වැඩි ඉඩක් යන්නෙත් නෑ.තවද සමහර
torrent බාගතකිරීම් සමග පරිගණක වෛරසයන්ද පරිගණකයට ඇතුල්විය හැක නමුත් ඔබ streaming යොදා ගනීනම් බිය විමට අවශ්‍ය නැත.
Saturday, May 26, 2012
මුණු පොත සහ හැකිං
ඔන්න අයෙත් කාලෙකට පස්සේ පොස්ට් එකක් දන්න හිතුන.මන් අද ඔයාලට කියන්න යන්නේ හැකින් ගැන ඔයාලට දකින්න පුළුවන් අන්තර්ජාලයේ ඕනෑ තරන් වංචා සහගත හැකිං මෘදුකාංග තියනවා ඒවා බාගත කිරීමට ඔයාලට යම් කිසි මුදලකුත් ගෙවන්න වෙනවා.ඒ උනත් ඒවා ඇත්තටම කරන්නේ ඔයාගේ පරිගණකයේ ස්ථාපිත කල පසු ඔයාලට හොරෙන්ම ඔයාලගේ පෞද්ගලික දත්ත සොරා ගැනීමයි,
නමුත් මම මේ කියන්න යන්නේ ඇත්තටම මුනුපොතේ දත්ත සොරා ගත හැකි ප්‍රසිද්ද ක්‍රම කීපයක් පිලිබදවයි
Phishing මගින් .......
මේකටනම් හැබැයි සල්ලි වියදම් වෙන්නේ නෑ නමුත් මේක ටිකක් අමාරු වැඩක්.උදාහරණයක් විදිහට ඔයා දිගු කාලයක් මුණු පොත එක්ක හිටපු කෙනෙක් නම් දැකල ඇති “hey i just won $100 check out this site www.somescam.com” මේ වගේ status ඕනෑ තරම්. උදාහරණයක් විදිහට හිතන්න බලන්න ඔබට e-mail එකක් එනවා මුණු පොතෙන් ඔබට එන එකක් විදිහට මේ වගේ පණිවිඩයක් එකේ තියනවා “Your account needs to be activated or it will be suspended!!!” එතකොට ඔයාල ඒ ලින්ක් එක බාවිතා කරලා ඔයාව හැක් කරන්න ඕනේ එක්කෙනා හදපු බොරු වෙබ් පිටුවකට ලොග් වෙනවා ඔබ එහිදී ඔයාලගේ මුණු පොතේ රහස්‍ය පදය ඇතුලත් කරනවා බලන්න ඔයාලටත් නොදනිම ඔයාලගේ රහස්‍ය පදය එයාලට යනවා .මෙන්න මේ වගේ දේවලට තමයි ඉතින් Phishing කියන්නේ.
Mobile phone spying (iPhone, Android, Blackberry)
මේ හැකිං ක්‍රමයනම් ඇතිඋනේ මෑ තකදී මොකද smart phone ලෝකෙට අවේ මෑතකදී, ඒවගේම මේක හුගක් හොද ක්‍රමයක් නෙමේ මෙහිදී බවිතා කරන්නේත් මෘදුකාඔගයක්ම තමයි. නමුත් smart phone හැමෝම ගාව නැති නිසා මෙහි ජනප්‍රිය තාවත් ගොඩක් අඩුයි.උදාහරණ ලෙස Mobile Spy සහ MobiStealth යන මෘදුකාංග අපට හැදින්විය හැකියි.නමුත් ඔබ හිතනවානම් ඔබට දුරකතනයක් අන්තර්ජාලය හරහා හැක් කරන්න පුළුවන් කියල තවම නම බෑ මොකද ඔබට පරිගනකයක වගේ ස්වයන්ක්රියාව මෘදුකාංග ජංගම දුරකතනවල ස්ථාපිත කරන්න බෑ !
Spy මෘදුකාංග මගින් ...
මෙවැනි මෘදුකාන්ග නම් සුලබව අපට අන්තර්ජාලයෙන් බාගතකරගත හැක .නමුත් හොදම මෘදුකාංගයක් සේවීම ට නම් ඉතින් තරමක් අපහසුයි. උදාහරණයක් ලෙස SniperSpy කියන්නේ හොද මෘදුකාංගයක් නමුත් ඔබට මෙය මිලදී ගැනීමට සිදුවෙනවා .මෙමගින් ඔබට screenshot වගේම අනිත් අයගේ දත්ත ද සොරා ගත හැක.මෙවන් මෘදුකාංග මෘදුකාග හුග ප්‍රමාණයක් අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැක.
Sunday, November 6, 2011
ලේසියෙන්ම උබුන්ටු ස්ථාපිත කරන්න ඔබේ පරණ වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය සමග .............................
මට මේ ලිපිය පල කීරීමට සිතුනේ මුණු පොතේ හම්බුන යාලුවෙක් මීට සති දෙකකට කලින් මගෙන් කරපු ඉල්ලීමක් මතක් වූ නිසය.ඒ ඉල්ලීම නම් අලුතෙන් උබුන්ටු,ෆෙඩෝරා,ඩේබියන් වැනි linux පරිගණක පද්දති තම පරිගණකයේ පළමුවරට ස්ථාපිත කිරීමට උත්සහකරන linux වලට නවක කාටත් මුහුන දීමට සිදුවන ප්‍රශ්න මගහරවාගෙන කොහොමද අපි ලෙසින්න්ම උබුන්ටු වගේ පරිගණක මෙහෙයුම් පද්දතියක් තමන්ගේ පරිගණකයේ තිබෙන වින්ඩොස් මෙහෙයුම් පද්දතිය සමගම ස්ථාපිත කරගන්නේ කියන එක.අද මම කෙටි පියවර කිහිපයකින් ඔබට කියන්නම් කොහොමද මේ වින්ඩොස් සහ උබුන්ටු එකම පරිගණකයේ ස්තාපිත කරන්නේ කියන එක...............
1 පියවර :
මම හිතනවා ඔයාලට වින්ඩොස් මෙහෙයුම් පද්දතිය නම් තනියම ස්ථාපිත කරගන්න පුළුවන් කියල මොකද මේ වෙනකොටත් ඔයාල වින්ඩෝස් ඔයාලගේ පරිගණක මෙහෙයුම් පද්දතිය විදිහට ස්ථාපිත කරගෙන ඇති...ඔයාල අලුතින් වින්ඩෝස් ස්ථාපිත කරනවානම් 25 GB පමණ ඉඩක් partition කරන්නේ නැතුව අතහරින්න මතක තියා ගන්න.නමුත් දැනටමත් ඔයාල වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය විදිහට ස්ථාපිත කරගෙන නම් තියෙන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ system ගොනු තියන partition ඒකෙන ඇර වෙන එකකින් කොටසක් කඩල වෙන්කරගන්න මෙන්න මේ පින්තුරේ බලන්න ....
02 පියවර : මෙහෙම කොටසක් වෙන්කරගත්තට පස්සේ පරිගණකය නැවත restart කරන්න .දන උබුන්ටු පරිගණකයට දාන්න තමයි තියෙන්නේ ඔයාලගේ live CD/DVD එක හෝ pen drive එක පරිගණකය හා සම්බන්ද කර බූට් device එක විදිහට එකට පළමු තෑන දීල බූට් කරන්න එතකොට බූට් menu එකක් එයි එතකොට අහයි මේවා (උබුන්ටු 11.04 වලින් පස්සේ මේක එන්නේ පියවර 3 පේන විදිහට බූට් menu එකේනම් නෙමේ විදිහටයි )
*Try Ubuntu without install *install Ubuntu
මේවගෙන් ඕන එකක් තෝරාගෙන ඉදිරියට යන්න පුළුවන් මම දෙවෙනි option එක තෝරාගෙන ඉදිරියට යනවා ...
03 පියවර :
දැන් ඔයාලට ටිකවෙලාවකින් මෙන්න මේ වින්ඩො එක දිස්වෙයි ...
මේකෙන් install ubuntu කියන button එක ඔබල ඉදිරියටම යන්න ඉස්සරහට ඔයාගේ user profile එක සහ පරිගණකයේ වෙලාව සහ දිනය වෙනස්කෙරිමට ඔබට ඉඩසලසෙනවා.මෙහෙම යද්දී අපි ට එනවා අපේ partition හදන window එක ...
04 පියවර:
මේකේ ඔයාල අර වින්ඩෝස් වල අයින් කරපු කොටස වෙනම free space එකක් විදිහට පෙන්නයි .දැන් ඒක තෝරලා එතන පල්ලෙහින් තියන add කියන button එක ඔබල partition size එක විදිහට 24GB විදිහට හදල use as : එකට Ext4 file system එක දෙන්න.mount point එකට '/' තෝරන්න.(මේකට තමා ඔයාලගේ උබුන්ටු වල system file ස්ථාපිත වෙන්නේ )දැන් ok කරන්න .
05 පියවර :
දැන් ඔයාලට පේනවා ඇති තව අපි වෙන්කරගත්ත 24GB න් 2GB පමණ ඉතුරු වෙලා තියෙනවා .දැන් අපි ඉහත පරිදිම ඉතුරු වෙලා තියන space එක මත click කරල ඉස්සෙල්ල වගේම එතන පල්ලෙහින් තියන add කියන button එක ඔබල partition size එක විදිහට 2GB විදිහට හදල use as : එකට swap area එක දෙන්න.(මේකේ විශාලත්වය ඔයාලගේ ram එකේ විශාලත්වය වගේ දෙගුණයක් නම් ගොඩක් හොදයි )දැන් ok කරන්න.
දැන් හරි දිගටම යන්න දිගටම යන්න ..........මම දන්නවා අනිත් ඒවා ඔයාලට කරන්න පුළුවන් කියල .........
Friday, October 28, 2011
PHPLens අලුත් විදිහකට ඔබගේ දත්ත සයිබර් අවකාශයට මුදාහරින්න .........
අද මම කියන්න යන්නේ බලවත් PHP application server එකක් වන PHPLens ගැනයි .දැන් ඔයාල හිතනවා ඇති මොකද්ද මේ PHP application server ඒකියන්නේ PHP application මෙම server එකමත තමයි run වෙන්නේ වගේම ඒවා මෙම PHPLens එක තුලදීම manage කරන්නත් පුළුවන්.මෙම server එක ක්‍රියත්මක වන්නේ PHP4 හා PHP5 වල පමණි. පහසුවෙන්ම හා වේගයෙන්ම Database සහිත web application සෑදීමට පුළුවන් කම PHPLens තුලින් ලබා දී තිබීමද විශේෂත්වයකි.තවද මෙමගින් පහසුවෙන්ම දත්ත ඉදිරිපත් කිරීමට html tables සමග දත්ත create, edit, paginate, search,delete කිරීමේ පහසුකම්ද සැකසිය හැක.
පහත මම කියන්න යන්නේ මේ PHPLens සමග එන අලුත්ම වැඩ ටිකක් ගැනයි ......
Calendars : PHPLens යොදාගෙන අපට පහසුවෙන්ම අපගේ Database එකේ ඇති දත්ත දින දර්ශකයක් තුලට ඇතුල් කරගත හැකිවේ .
Database Friendly : PHPLens හොදින් විවිද Databases වලත් එක්ක වැඩ කරනවා උදාහරණ ලෙස PostgreSQL, MySQL, Oracle, Interbase, Microsoft SQL Server සහ Access natively PHPLens එක්ක හොදින්ම ක්‍රියාත්මක වෙනවා.
Double-Byte Support : double byte characters සදහා මෙහිදී PHPLens අවකාශය දී ඇත.උදාහරණ ලෙස Japanese, Chinese Traditional සහ කොරියන් characters ගත හැක.
ඔයාලට දැන් අදහසක් එන්න ඇති මොකක්ද මේ PHPLens කියන්නේ කියන එක ගැන ඔයාලටත් මෙම PHP application server බාගත් කරගැනිමට මට ආසනම් මෙන්න ලින්ක් එක .......
http://phplens.com/lens/product/#download
Thursday, October 13, 2011
මොරටුව සරසවියේ අපි සැමරපු පළමු නිදහස් මෘදුකාංග දිනය ගැනයි මේ.....................................................................
ලෝකය පුරා ලිනස් ලෝලීන් මෙන්ම පරිගණක මෘදුකාංග නිර්මාණකරුවන් සහභාගී වන අවරුද්දකට වරක් පමණක් සමරනු ලබන නිදහස් මෘදුකාංග දිනය පළමු වරට සැප්තෙම්බර් 4 මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීථයේ පවත් වන ලදී.මේසදහා මුලික ගෙන FOSS User සඟරාව ,තොරතුරු තාක්ෂණ පීථයේ INTEC සහ UnhideCode සමාජ මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරනලදී.
(තොරතුරු තාක්ෂණ පීටයේ සිව්වන වසර ශිෂ්‍ය රමිදු සංකදේශප්රිය)
දැනුම විනෝදය සපිරි මොරටුව සරසවියේ පළමු මෘදුකාංග සැමරුම් දිනය නිමාවිය...........
Friday, October 7, 2011
තවත් හොද බෞද්ධයෙක්,නිර්මාපකයෙක්,මනුස්සයෙක් අපෙන් වෙන්වීයයි...........!
අද මම කියන්න යන්නේ නිදහස් මෘදුකාංග ගැනවත් ipad ප්රචාරක දැන්වීමක් ගැනවත් නම් නෙමේ .ලෝකයෙන් සමුගත් සුන්දර නිර්මාපකයෙකු ගැනයි.දක්ෂ නිර්මාණ කරන්නෙකු ලෙස ලෝකය අතර ජනප්‍රියව සිටි සහ සිටින ස්ටීව් ජොබ්ස් නමැති අපුර්ව මිනිසා අප අතරින් සමුගෙන ගොස් ඇත.ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව ලෝකයටනම් නොරහසකි.නමුත් නැවතත් මෙවැනි පෙරළිකාර නිමැවුම් අපට දැකීමට හැකිවේද ?තවද බොහෝදෙනෙක් නොදන්නා කරුණක් මේ අපුර්ව මිනිසා ගැන කීමට කැමැත්තෙමි ඒ නම් Pixar සමාගමේ සජීවී කරන ලද Cars, Toy Story, finding nemo වැනි ළමා චිත්‍රපටියි වල නිර්මපකයාද මෙම සොදුරු මිනිසාමය.ශ්‍රී ලාංකිකයන් වන අපි දැනගතයුතු තවත් දෙයක් වනුයේ මොහු බෞද්ධාගමිකයෙක් බවයි.ඒ නිසා මම ශ්‍රී ලාංකිකයන් වන අපි ඔහුට නිවන් සුව ලැබේවා කියා පැතමු .......................................!
Thursday, September 22, 2011
LAMP Server උබුන්ටු තුල ස්ථාපිත කරගන්නේ කොහොමද ?
මේක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් .මම මේක කරන්න උබුන්ටු terminal එක උදව් කරගන්නවා .!
Apache ස්ථාපිත කිරීම .........
01)මුලින්ම ඔයාල terminal එක open කරගන්න .ඊට පස්සේ එකේ මේ පහල තියෙන code එක කොටන්න .එතකොට ඔයාලගෙන් password එක අහනවා එක කොටලා enter කරන්න ...............
02)ඔයාලට මේක test කරන්න ඕනේ නම් web browser එකේ address bar එකේ" http://localhost/" කියල කොටන්න.එතකොට "It works!" කියල එනවනම් වැඩේ ගොඩ....
PHP ස්ථාපිත කිරීම .........
01)පහල code එකටත් ඉස්සෙල්ලා අපි කරපු දේම කරලා enter කරන්න .
ඊට පස්සේ මේක පහල code එකත් කොටන්න
My SQLස්ථාපිත කිරීම .........
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක කොටන්න
phpMyAdmin ස්ථාපිත කිරීම .........
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක කොටන්න.මෙයා තමයි අපිට ලේසියෙන්ම database එක edit කරන්න උදව් වෙන කෙනා
දැන් Enter කරන්න ......................................!
Apache ස්ථාපිත කිරීම .........
01)මුලින්ම ඔයාල terminal එක open කරගන්න .ඊට පස්සේ එකේ මේ පහල තියෙන code එක කොටන්න .එතකොට ඔයාලගෙන් password එක අහනවා එක කොටලා enter කරන්න ...............
sudo apt-get install apache2
02)ඔයාලට මේක test කරන්න ඕනේ නම් web browser එකේ address bar එකේ" http://localhost/" කියල කොටන්න.එතකොට "It works!" කියල එනවනම් වැඩේ ගොඩ....
PHP ස්ථාපිත කිරීම .........
01)පහල code එකටත් ඉස්සෙල්ලා අපි කරපු දේම කරලා enter කරන්න .
sudo apt-get install php5 libapache2-mod-php5
ඊට පස්සේ මේක පහල code එකත් කොටන්න
sudo /etc/init.d/apache2 restart
වැඩේ හරි .........................!My SQLස්ථාපිත කිරීම .........
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක කොටන්න
sudo apt-get install mysql-server
phpMyAdmin ස්ථාපිත කිරීම .........
ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක කොටන්න.මෙයා තමයි අපිට ලේසියෙන්ම database එක edit කරන්න උදව් වෙන කෙනා
sudo apt-get install libapache2-mod-auth-mysql php5-mysql phpmyadmin
දැන් Enter කරන්න ......................................!
Subscribe to:
Posts (Atom)
Try To Find best Linux Desktop ?
Every one ask, Which desktop is the best? Which offers the most user friendly experience? I would like to take some of the most popular...









