Sunday, November 6, 2011

ලේසියෙන්ම උබුන්ටු ස්ථාපිත කරන්න ඔබේ පරණ වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය සමග .............................

                                         


                              මට මේ ලිපිය පල කීරීමට සිතුනේ  මුණු පොතේ හම්බුන යාලුවෙක්  මීට  සති දෙකකට කලින්  මගෙන් කරපු ඉල්ලීමක්  මතක් වූ නිසය.ඒ ඉල්ලීම නම් අලුතෙන් උබුන්ටු,ෆෙඩෝරා,ඩේබියන්   වැනි linux පරිගණක පද්දති තම පරිගණකයේ පළමුවරට ස්ථාපිත  කිරීමට  උත්සහකරන linux වලට  නවක කාටත්  මුහුන දීමට සිදුවන  ප්‍රශ්න මගහරවාගෙන කොහොමද අපි ලෙසින්න්ම උබුන්ටු වගේ පරිගණක මෙහෙයුම් පද්දතියක් තමන්ගේ පරිගණකයේ තිබෙන  වින්ඩොස් මෙහෙයුම් පද්දතිය සමගම ස්ථාපිත කරගන්නේ කියන එක.

අද මම කෙටි පියවර කිහිපයකින් ඔබට කියන්නම් කොහොමද මේ වින්ඩොස් සහ උබුන්ටු එකම පරිගණකයේ ස්තාපිත කරන්නේ කියන එක...............

1 පියවර :
    මම හිතනවා ඔයාලට වින්ඩොස් මෙහෙයුම්  පද්දතිය නම් තනියම ස්ථාපිත කරගන්න පුළුවන් කියල  මොකද   මේ වෙනකොටත් ඔයාල වින්ඩෝස් ඔයාලගේ පරිගණක මෙහෙයුම් පද්දතිය විදිහට ස්ථාපිත කරගෙන ඇති...ඔයාල අලුතින් වින්ඩෝස්   ස්ථාපිත කරනවානම් 25 GB පමණ ඉඩක් partition කරන්නේ නැතුව අතහරින්න මතක තියා ගන්න.නමුත් දැනටමත් ඔයාල වින්ඩෝස් පරිගණක මෙහෙයුම් පද්දතිය විදිහට ස්ථාපිත කරගෙන නම් තියෙන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ system ගොනු තියන    partition  ඒකෙන ඇර වෙන එකකින් කොටසක් කඩල වෙන්කරගන්න මෙන්න මේ පින්තුරේ බලන්න ....
  02 පියවර :
       මෙහෙම කොටසක් වෙන්කරගත්තට පස්සේ  පරිගණකය නැවත restart කරන්න .දන උබුන්ටු පරිගණකයට දාන්න තමයි තියෙන්නේ ඔයාලගේ live CD/DVD එක හෝ pen drive එක පරිගණකය හා සම්බන්ද කර බූට්‌ device එක විදිහට එකට පළමු තෑන දීල බූට්‌ කරන්න එතකොට බූට්‌ menu එකක් එයි එතකොට අහයි මේවා (උබුන්ටු 11.04 වලින් පස්සේ මේක එන්නේ පියවර 3 පේන විදිහට බූට්‌ menu එකේනම් නෙමේ  විදිහටයි )
*Try Ubuntu without install  *install Ubuntu 
මේවගෙන් ඕන එකක් තෝරාගෙන ඉදිරියට යන්න පුළුවන් මම දෙවෙනි option එක තෝරාගෙන ඉදිරියට යනවා ...


03 පියවර :

දැන් ඔයාලට ටිකවෙලාවකින් මෙන්න මේ වින්ඩො එක දිස්වෙයි ...

මේකෙන් install ubuntu කියන button එක ඔබල ඉදිරියටම යන්න ඉස්සරහට ඔයාගේ user  profile එක සහ පරිගණකයේ වෙලාව සහ දිනය වෙනස්කෙරිමට  ඔබට ඉඩසලසෙනවා.මෙහෙම යද්දී අපි ට එනවා අපේ partition හදන window එක ...

04 පියවර:
මේකේ ඔයාල අර වින්ඩෝස් වල අයින් කරපු කොටස වෙනම free space එකක් විදිහට පෙන්නයි .දැන් ඒක තෝරලා එතන පල්ලෙහින් තියන add කියන button එක ඔබල partition size එක විදිහට 24GB විදිහට හදල   use as : එකට Ext4 file system එක දෙන්න.mount point එකට '/' තෝරන්න.(මේකට තමා ඔයාලගේ උබුන්ටු වල system file ස්ථාපිත වෙන්නේ )දැන් ok කරන්න .
05 පියවර :
දැන් ඔයාලට පේනවා ඇති තව අපි වෙන්කරගත්ත 24GB න් 2GB පමණ ඉතුරු වෙලා තියෙනවා .දැන් අපි ඉහත පරිදිම ඉතුරු වෙලා තියන space එක මත click කරල ඉස්සෙල්ල වගේම එතන පල්ලෙහින් තියන add කියන button එක ඔබල partition size එක විදිහට 2GB විදිහට හදල   use as : එකට swap area  එක දෙන්න.(මේකේ විශාලත්වය ඔයාලගේ ram එකේ විශාලත්වය වගේ දෙගුණයක් නම් ගොඩක් හොදයි  )දැන් ok කරන්න.

දැන්  හරි දිගටම යන්න දිගටම යන්න ..........මම දන්නවා අනිත් ඒවා ඔයාලට කරන්න පුළුවන් කියල .........





       

Friday, October 28, 2011

PHPLens අලුත් විදිහකට ඔබගේ දත්ත සයිබර් අවකාශයට මුදාහරින්න .........

                                                                           
                               අද මම කියන්න යන්නේ බලවත්  PHP application server එකක් වන PHPLens ගැනයි .දැන් ඔයාල හිතනවා ඇති මොකද්ද මේ PHP application server ඒකියන්නේ  PHP application මෙම server එකමත තමයි run වෙන්නේ වගේම ඒවා මෙම  PHPLens  එක තුලදීම manage කරන්නත් පුළුවන්.මෙම server එක ක්‍රියත්මක වන්නේ  PHP4 හා PHP5 වල  පමණි. පහසුවෙන්ම හා වේගයෙන්ම Database සහිත web application සෑදීමට පුළුවන් කම   PHPLens තුලින් ලබා දී තිබීමද විශේෂත්වයකි.තවද මෙමගින්  පහසුවෙන්ම දත්ත ඉදිරිපත් කිරීමට html tables සමග දත්ත create, edit, paginate, search,delete කිරීමේ පහසුකම්ද  සැකසිය හැක.

පහත මම කියන්න යන්නේ මේ  PHPLens සමග එන  අලුත්ම වැඩ ටිකක් ගැනයි ......

Bar Charts :  සංඛයාත්මක  ‌‍දත්ත වගු ආදරයෙන් පෙන්වීමට මෙමගින් පහසුකම්සලසයි.
 

Calendars :  PHPLens යොදාගෙන අපට පහසුවෙන්ම අපගේ Database එකේ ඇති දත්ත දින දර්ශකයක්         තුලට ඇතුල් කරගත හැකිවේ . 
 

Database Friendly : PHPLens හොදින් විවිද Databases වලත් එක්ක වැඩ කරනවා උදාහරණ ලෙස  PostgreSQL, MySQL, Oracle, Interbase, Microsoft SQL Server සහ  Access natively PHPLens එක්ක හොදින්ම ක්‍රියාත්මක වෙනවා.


Double-Byte Support :  double byte characters සදහා  මෙහිදී  PHPLens අවකාශය දී ඇත.උදාහරණ ලෙස Japanese, Chinese Traditional සහ කොරියන් characters ගත හැක.


ඔයාලට දැන් අදහසක් එන්න ඇති මොකක්ද මේ PHPLens කියන්නේ කියන එක ගැන ඔයාලටත් මෙම PHP application server බාගත් කරගැනිමට මට ආසනම් මෙන්න ලින්ක් එක .......

http://phplens.com/lens/product/#download


 

Thursday, October 13, 2011

මොරටුව සරසවියේ අපි සැමරපු පළමු නිදහස් මෘදුකාංග දිනය ගැනයි මේ.....................................................................


ලෝකය පුරා ලිනස් ලෝලීන් මෙන්ම පරිගණක මෘදුකාංග නිර්මාණකරුවන් සහභාගී වන අවරුද්දකට වරක් පමණක් සමරනු ලබන නිදහස් මෘදුකාංග දිනය පළමු වරට සැප්තෙම්බර් 4 මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීථයේ පවත් වන ලදී.මේසදහා මුලික ගෙන FOSS User සඟරාව ,තොරතුරු තාක්ෂණ පීථයේ INTEC සහ UnhideCode සමාජ මේ සදහා පෙරමුණ ගෙන කටයුතු කරනලදී



 
මේ සදහා ලංකාව පුරා විවිද විශ්වවිද්‍යාල වල සිසුන් විශාල පිරිසකගේ සහබගිත්ව තවද අරාධිත දේශකයන් වශයෙන් තරිදු මැතිව්ස් මහතා (work at WSO2) , Think Cube ආයතනයේ  ප්‍රදන තාක්ශන නිලදාරි බුද්දික සිද්දිසේන මහතා සහ සමින්ද මහතා (lec. at IT faculty ,UOM) මෘදුකාංග නිදහස් දිනය සැමරීමට සිසුන් සමග එක්විය. මෙහිදී නවතම බහුලව බාවිත වන නිදහස් මෘදුකාංග කීපයක් හා එම මෘදුකාංග යොදා නිර්මාණය කෙරුණු අපුර්ව නිර්මාණ පිළිබද වැඩි දුරටත් අදහස් ඉදිරිපත් කල අතර නිදහස් මෘදුකාංග හා යන වානිජමය පසුබිම පිළිබද මන අවබෝදයක් පැමිණ සිටී පිරිසට ලබා දෙනලදී .
තවද පරිගණක ක්‍රීඩා නිර්මාණකරණය පිළිබද කල දේශනය කාගේත් සිත් ගන්නා ලදී.වැඩමුළුව අවසානයේ සිසුන් තම විචාර ඉදිරිපත් කරනලදී .එහිදී අදහස් දැක්වූ පිරිස අතරිං දෙදෙනෙකු තොරා ඔව්න්හට වටිනා ත්‍යාගයන් පිරිනමන ලදී. මෙම නිදහස් මෘදුකාංග දිනය සැලසුම් කිරීම වෙනුවෙන් විශේෂ ස්තුතිය
(තොරතුරු තාක්ෂණ පීටයේ සිව්වන වසර ශිෂ්‍ය රමිදු සංකදේශප්‍රිය)
දැනුම විනෝදය සපිරි මොරටුව සරසවියේ පළමු මෘදුකාංග සැමරුම් දිනය නිමාවිය........... 

 

Friday, October 7, 2011

තවත් හොද බෞද්ධයෙක්,නිර්මාපකයෙක්,මනුස්සයෙක් අපෙන් වෙන්වීයයි...........!

අද මම කියන්න යන්නේ නිදහස් මෘදුකාංග ගැනවත් ipad ප්‍රචාරක දැන්වීමක් ගැනවත් නම් නෙමේ .ලෝකයෙන් සමුගත් සුන්දර නිර්මාපකයෙකු ගැනයි.දක්ෂ නිර්මාණ කරන්නෙකු ලෙස  ලෝකය අතර ජනප්‍රියව සිටි සහ සිටින ස්ටීව් ජොබ්ස් නමැති අපුර්ව මිනිසා අප අතරින් සමුගෙන ගොස් ඇත.ඔහු ඇපල් සමාගමේ පෙරළිකාර නිමැවුම් වන iMac, iPad, iPhone නිර්මාතෘ බව ලෝකයටනම් නොරහසකි.නමුත් නැවතත් මෙවැනි පෙරළිකාර  නිමැවුම් අපට දැකීමට හැකිවේද ?තවද බොහෝදෙනෙක් නොදන්නා කරුණක් මේ අපුර්ව මිනිසා ගැන කීමට කැමැත්තෙමි ඒ නම්  Pixar සමාගමේ සජීවී කරන ලද Cars, Toy Story, finding nemo වැනි ළමා චිත්‍රපටියි වල නිර්මපකයාද මෙම සොදුරු මිනිසාමය.ශ්‍රී ලාංකිකයන් වන අපි දැනගතයුතු  තවත් දෙයක් වනුයේ මොහු බෞද්ධාගමිකයෙක් බවයි.ඒ නිසා මම ශ්‍රී ලාංකිකයන් වන අපි ඔහුට   නිවන් සුව ලැබේවා කියා පැතමු .......................................!

Thursday, September 22, 2011

LAMP Server උබුන්ටු තුල ස්ථාපිත කරගන්නේ කොහොමද ?

මේක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් .මම මේක කරන්න උබුන්ටු terminal එක උදව් කරගන්නවා .!
Apache ස්ථාපිත කිරීම .........
01)මුලින්ම ඔයාල terminal එක open කරගන්න .ඊට පස්සේ එකේ  මේ පහල තියෙන code එක කොටන්න .එතකොට ඔයාලගෙන් password එක අහනවා එක කොටලා enter කරන්න  ...............

sudo apt-get install apache2

02)ඔයාලට මේක  test කරන්න ඕනේ නම් web browser එකේ address bar එකේ" http://localhost/" කියල කොටන්න.එතකොට "It works!" කියල එනවනම් වැඩේ ගොඩ.... 

PHP ස්ථාපිත කිරීම .........
01)පහල code එකටත් ඉස්සෙල්ලා අපි කරපු දේම කරලා enter කරන්න .

sudo apt-get install php5 libapache2-mod-php5

ඊට  පස්සේ මේක පහල code එකත් කොටන්න
sudo /etc/init.d/apache2 restart
වැඩේ  හරි .........................!

My SQLස්ථාපිත කිරීම .........  

ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක කොටන්න
   
sudo apt-get install mysql-server

phpMyAdmin ස්ථාපිත කිරීම ......... 

ඉහත පරිදිම terminal එක අපහු open කරලා පහළ code එක කොටන්න.මෙයා තමයි අපිට ලේසියෙන්ම database එක edit කරන්න උදව් වෙන කෙනා 

sudo apt-get install libapache2-mod-auth-mysql php5-mysql phpmyadmin

දැන් Enter කරන්න ......................................!

Wednesday, August 31, 2011

කව්ද මේ රිචඩ් ස්ටෝල්මන් මහත්තයා?

අද මම  කියන්න යන්නේ ජනප්‍රිය වෙන්න හදන මිනිසුන් අතරේ ජනප්‍රිය තාවයක් බලාපොරොත්තු නොවූ මිනිසෙකු ගැනයි......................................!
පසු ගිය ලිපි වලින් මම ඔයාලට ගොඩක් දේවල් කියල දුන්නත් මම පොඩි වැරද්දක් කලා කියලත් හිතෙනවා. මොකද මම වැදගත් පුද්ගලයෙක්ව අමතක කලා. මම කියපු හැම දෙයකටම මුලික උන මෙම පුද්ගලයාගේ ජිවිත කතාව මම ඉදිරිපත්කරන්නේ ගොඩක් සතුටින්,


Stallman(Richard Matthew Stallman) මහතා ඉපදුනේ 1953 දී Alice Lippman සහ Daniel Stallman යන මහතා සහ මහත්මියගේ ආදරණිය පුතනුවන් හැටියටයි.ගොඩක් අය මෙයාව දන්නේ RMS කියන කෙටිනමිනුයි.1960 දී පාසැල් නිවාඩු කාලය ඔහු ගතකලේ IBM New York Scientific Center එකේ මයි.එකේ ප්‍රතිපලයක් විදිහට තමා ඔහුගේ මුල්ම පරිගණක ක්‍රමලේඛනය(preprocessor for the IBM 7094) ල්ව්වේ ඒක ලිව්වේ PL/I පරිගණක භාෂාව උදව්කරගේනයි .ඊට පස්සේ ඔහු විද්‍යාගාර සහයකයෙකු විදිහට Rockefeller University එකේ සේවයට ගියා.1971 දී ඔහු හැකර් කෙනෙක් විදිහට MIT AI Laboratory එකේ සේවයට බදුන. 1984 දී  MITඅයතනයට සමුදුන් මොහු තමාගේ මුලුකලය කැපකරමින් GNU වියාප්තියට අතගැහුවා.රිචඩ් මහතා  මෘදුකාංග නිදහස් සටනේ පියා විදිහට හදුන්වන්නත් පුළුවන් .නමුත් මේ මහතාට Ph.D. උපාදිය නම ගන්න හම්බ වෙලා නෑ......!නමුත් මොහුට සම්මාන විශාල ප්‍රමාණයක් දැනට හම්බ වෙලා තියෙනවා !
1990MacArthur Fellowship
1991The Association for Computing Machinery's Grace Murray Hopper Award "For pioneering work in the development of ... EMACS"
1996Honorary doctorate from Sweden's Royal Institute of Technology
1998Electronic Frontier Foundation's Pioneer award
1999Yuri Rubinsky Memorial Award
2001Second honorary doctorate, from the University of Glasgow මේ ඒ අතරින් ස්වල්පයක් පමණයි........................!
මොහුගේ පුද්ගලික වෙබ් අඩවිය (ක්ලික් කරන්න )

Wednesday, August 17, 2011

මොකක්ද මේ GPL License එක කියන්නේ?

දැනට ලෝකයේ වැඩි දෙනා අතර ප්‍රසිද්දම License එක තමයි GNU General Public License එක කෙටියෙන්ම කියනවනම් GNU GPL එක.උදාහරණයක් කියනවනම් Wikipedia එකට පාවිච්ච් කරලා තියෙන්නෙත් GPL license template එකකුයි.දැන් ඔයාල හිතනවා ඇති මොකක්ද මේ GPL license එක කියන්නේ කියල මේ license එකෙන් අදහස්කරන්නේ ලෝකයේ විවිද පුද්ගලයන්ට තමන් කැමති පරිදි මෙම මෘදුකාංග වෙනස් කිරිමට සහ එම මෘදුකාංග ලෝකය පුරා බෙදා හැරිමට ඇති හැකියාවයි.මෙම GPL license එක මුලින්ම ලෝකයට හදුන්වා දුන්නේ Richard Stallman මහතා 1989 දී GNU වියාප්තියේ අංගයක් විදිහටයි.දැන් ඔයාලටත් හිතෙනවා ඇති GPL එක ඔයාල බවිත කරලා මෘදුකාංගයක්‌ හේදුවොත් එකත් මේ GNU වියාප්තියේ කොටසක් වෙයි කියල.නෑ එහෙමනම් වෙන්නේ නෑ මොකද GNU වියාප්තියේ සිටින අනෙකුත් පුද්ගලයන් (program's developers)සහ GNU එකේ අවසරයක් ඇතුව කරන දෙයක් තමයි මේ GNU වියාප්තියක් විදිහට පිළිගන්නේ .ඔයාලත් GNU වියාප්තියේ සාමාජිකයෙක් වෙන්න කැමතිනම් මේ ලිපිනයට e-mail කරන්න. .ඒවගේම තමයි ඔයකට්ටියට GPL license එක යටතේ තමන් හදන මෘදුකාංගය තමන් කමති ගානකට විකුනන්න උනත් පුළුවන් .හබැයි ඉතින් ඔයාල එම මෘදුකාංගය හදපු code එකත් එකත එක්ක දෙන්න වෙනවා.

ඔබත් GNU වියාප්තියේ සාමාජිකයෙකු වන්න.පහත ලිපිනයට e-mail කරන්න ..............................!
maintainers@gnu.org

Monday, August 15, 2011

මොකක්ද මේ Debian කියන්නේ ?

මෙම ලෝකයේ සෑතැනකම සිටින පුද්ගලයන් විශාල පිරිසකගේ පොදු වැඩක් තමයි මේ debian වියාපෘතිය.මෙම වියාපෘතිය අවසානයේ ප්‍රතිපලය විදිහට තමයි මේ Debian / Linux /GNU කියන මෙහෙයුම් පද්ධතිය නිකුත් කලේ.සරලව කිව්වොත් Debian මෙහෙයුම් පද්ධතිය.සරලව කව්වොත් මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මුලික පරිගණක මෘදුකාංග එකතුවක් වගේම පරිගණකයේ ති මෘදුකාංග හා දෘඩාංග යන දෙවර්ගයම සම්බන්ද කරන පාලමක් වගේ දෙයක්.සෑමෙහෙයුම් පද්ධතියක මුලික අංගයක් තමයි kernal එක කියන්නේ kernal එකෙන් තමයි මුළු මෙහෙයුම් පද්ධතියම ගොඩනගන්නේ.කෙටියෙන්ම කියනවනම් kernal එකක් නැත්නම් මෙහෙයුම් පද්ධතියකුත් නෑ වගේ තමා.දැනට මේ Debian මෙහෙයුම් පද්ධති සාදන්නේ Linux kernal එකෙනුයි.තවද මෙම Debian මෙහෙයුම් පද්ධතිය අපි අතරට එන්නේ නොමිලේ දෙන මෘදුකාංග 29000 පමණ එක්කර ගෙනයි.දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මෙම debian මෙහෙයුම් පද්ධති CD /DVD ලෙසලබගන්නා විට යම් මුදලක් ගෙවන්න සිදුවෙනවා මොකක්ද එකට හේතුව කියලා මම දැන් එකටත් හේතුව කියන්නම් ඔයාල ගෙවන මුදල් වලින් සතයක් වත් මෙහි නිර්මාපකයන් අතට යන්නේ නෑ මුදල් සේරම යන්නේ domain registration එකට සහ දෘඩාංග ගැනීම සදහයි.අනිත් ප්‍රදානම දේ තමා අපි ට මෙම debian මෙහෙයුම් පද්ධතිය පරිගණකයේ ස්ථාපිත කරගන්න වෙඩි වෙලාවක් වගේම වැඩි ඉඩක් යන්නත් නෑ.අනික වැඩි VGA මතකයක් අවශ්‍ය වෙන්නෙත් නෑ.පහතින් මම Debian මෙහෙයුම් පද්ධතිය download කරගැනීමට ලින්ක් එකක් සදහන්කරනවා.ඔයාල කැමතිනම් tri කරලා බලන්න.මොකද මන් හිතනවා පරණ unregistered ඔස එකට සමුදෙන්න දැන් වෙලාව හරි කියලා.මට විශ්වාසයි debian මෙහෙයුම් පද්ධතිය try කරපු කෙනෙක් අපහු ඒක අතහරින්නේ නෑ කියල.

මොකක්ද මේ ubuntu linux කියන්නේ ?

මේ ubuntu කියන්නේ හරියට අතුබෙදුනු ගහක එක අත්තක් වගේ දෙයක් ගහ තමයි Debian/ GNU/Linux යන වියාපෘති.මාස හයකට සැරයක් මෙම උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය අලුත් අංග සමග නිකුත්කරනවා.ටිකකලකට ඉහතදී නම් මෙමෙ උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය නිකුත් උනේ "no-name-yet.com" කියන නමෙනුයි.නමුත් දැන එය නිකුත් කරන්නේ උබුන්‍ටු ප්‍රදාන වෙබ් පිටුව හරහයි.අන්තිමේදී මේ no-name-yet .comතමයි උබුන්‍ටු උනේ.තවද පළමු උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය නිකුත් කර ත්තේ 2004 ඔක්තොමිබර් මාසයේයි( උබුන්ටු 4.10 ) .මෙය linux බාවිතා කරන්නන් අතර ඉක්මනින් පැතිර ගියේ උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය හොදින් පරිගණක දෘඩාංග සමග හොදින් ක්‍රියාත්මක වීම නිසාය.මෙම උබුන්‍ටු මෙහෙයුම් පද්ධතිය සදහා දැනට දායකත්වය දක්වන්නේ Canonical Ltd යන ආයතනයි.මෙම ආයතනයේ ප්‍රදනීයා මාර්ක් ශුට්ට්ලේවොර්ත් නම් මහතායි.තවත් මෙවෙනි මෙහෙයුම් පද්ධති පිලිබදව අපි පසුව ඉගෙනගනිමු.

Sunday, August 14, 2011

මොකක්ද මේ FOSS කියන්නේ ?


මම මේ කියන්න යන්නේ ලංකාවේ අපිට දැන් නිතර නිතර අහන්ඩ ලැබෙන මේ(FOSS-Free Open Source Software) නොමිලේ දෙන මෘදුකාංග වල වැදගත්කම ගැනයි.මේ මෘදුකාංග අතරින් වැදගත් තැනක් මෙහෙයුම් පද්ධති වලට හිමි වෙනවා.උබුන්ටු,ෆෙඩෝරා වැනි මෙහෙයුම් පද්ධති මේ සදහා උදාහරනයි.මේ අරින් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සමග මෘදුකාංග ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙන අතර ඒ සියල්ල විනාඩි 30කට අඩු කාලයකදි එකවර ස්ථාපනය කරගත හැකි ය.අනික අපිට තියෙන ලොකුම කරදරයක් තමයි මේ වෛරස් කියන්නේ බලපත්‍ර සහිත මෘදුකාංග මිල දී ගත්තත් වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් වන ආපදා ම්
නැතිවෙන්නේ නෑ ඒවගෙන් මිදීමට නම් තවත් මෘදුකාංග මිල දී ගන්න වෙනවා.
එහෙත් උබුන්ටු පද්ධති තුළ වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් හටගන්නා අපදා ඉතා අවම බැවින් ද නවතම ආරක්ෂණ විධිවිධාන (security updates) නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බැවින් ද සුරක්ෂිතයි.තවද එක කොම්පියුටයක ලයිසන් වැඩසටහන් වලට ගෙවන මුදලින් තව කොම්පියුටර් දෙකක් ගන්න පුළුවන්.අපිට මේවා ගැදැනගන්න ලැබුනේ විශ්ව විද්‍යාලයට අවට පස්සේ එත් දැන් එහෙම නෑ අපේ නංගිලා මල්ලිලා ට නිදහසේ ඕනෑම මේ feild එකේ තමන් කැමති මාර්ගයක් තෝරාගෙන ඉදෙරියට ම යන්න පුළුවන්.

Try To Find best Linux Desktop ?

Every one ask, Which desktop is the best? Which offers the most user friendly experience?  I would like to take some of the most popular...