මම මේ කියන්න යන්නේ ලංකාවේ අපිට දැන් නිතර නිතර අහන්ඩ ලැබෙන මේ(FOSS-Free Open Source Software) නොමිලේ දෙන මෘදුකාංග වල වැදගත්කම ගැනයි.මේ මෘදුකාංග අතරින් වැදගත් තැනක් මෙහෙයුම් පද්ධති වලට හිමි වෙනවා.උබුන්ටු,ෆෙඩෝරා වැනි මෙහෙයුම් පද්ධති මේ සදහා උදාහරනයි.මේ අතරින් උබුන්ටු මෙහෙයුම් පද්ධතිය සමග මෘදුකාංග ඉතා විශාල ප්‍රමාණයක් ලැබෙන අතර ඒ සියල්ල විනාඩි 30කට අඩු කාලයකදි එකවර ස්ථාපනය කරගත හැකි ය.අනික අපිට තියෙන ලොකුම කරදරයක් තමයි මේ වෛරස් කියන්නේ බලපත්‍ර සහිත මෘදුකාංග මිල දී ගත්තත් වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් වන ආපදා නම්
නැතිවෙන්නේ නෑ ඒවගෙන් මිදීමට නම් තවත් මෘදුකාංග මිල දී ගන්න වෙනවා.
එහෙත් උබුන්ටු පද්ධති තුළ වෛරස වැනි හානිකර මෘදුකාංගවලින් හටගන්නා අපදා ඉතා අවම බැවින් ද නවතම ආරක්ෂණ විධිවිධාන (security updates) නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකි බැවින් ද සුරක්ෂිතයි.තවද එක කොම්පියුටයක ලයිසන් වැඩසටහන් වලට ගෙවන මුදලින් තව කොම්පියුටර් දෙකක් ගන්න පුළුවන්.අපිට මේවා ගැන දැනගන්න ලැබුනේ විශ්ව විද්‍යාලයට අවට පස්සේ එත් දැන් එහෙම නෑ අපේ නංගිලා මල්ලිලා ට නිදහසේ ඕනෑම මේ feild එකේ තමන් කැමති මාර්ගයක් තෝරාගෙන ඉදෙරියට ම යන්න පුළුවන්.
No comments:
Post a Comment